Connect with us

පුවත්

උද්ධමනය මනින හැටි වැරදියි – මහාචාර්ය වසන්ත අතුකෝරාළ

Published

on

වර්තමානයේදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති උද්ධමන අනුපාතිකයෙන් රටේ ජනතාවගේ පාරිභෝජන රටාව නිසි පරිදි පිළිබිඹු නොවන නිසා එය රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේ මිනුම් දණ්ඩක් ලෙස යොදාගැනීම වැරදි සහගත බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පැවසීය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල නිවේදනය අනුව 2023 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා පහළ බැස ඇත. අගෝස්තුවල තිබුණේ 2.1% මට්ටමේය.

උද්ධමනය ගණනය කිරීම සඳහා යොදාගන්නා කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ දත්තයන් පිළිබඳ ගැටලුවක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

ආහාර හා ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ වර්ග 426කින් යුතු භාණ්ඩ පැසක් සලකා බලා ඒවා ජන ජීවිතවලට කොතරම් වැදගත්ද යන්න තීරණය කිරීමෙන් බර තැබීම කිරීම උද්ධමනය මැනීමේදී සිදු කරයි. එහෙත් මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ 2019 වසරේ දෙපාර්තමේන්තුව කළ නියැදි සමීක්ෂණයකට අනුව මෙම බර තැබීම කරතත් 2019 වසරේ සහ 2023 වසරේ පාරිභෝජන රටාව විශාල ලෙස වෙනස් බැවින් එම වසර පාදක කරගෙන අද උද්ධමනය ගණනය කිරීමෙන් නියම ජීවන තත්ත්වය පිළිබිඹු නොවන බවය.

වසර තුනකට වරක් කළ යුතු මෙම සමීක්ෂණය 2022 වසරේ සිදු නොවූ අතර එයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම නිසා එය සිදු කරන්නට නොහැකි වූ බව දැනගන්නට ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

ඒ නිසා මෙම උද්ධමන සංඛ්‍යා පදනම් කරගෙන සිදු කරනු ලබන සියලු ආර්ථික ප්‍රතිපත්ති තීරණ පිළිගත නොහැකි බව පවසන මහාචාර්යවරයා සාමාන්‍ය මහජනතාව උද්ධමනය ඇඟට දැනෙන්නේ නැතැයි පැවසීම සාධාරණ බවද කියයි.

(දේශය)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved