උසස් පෙළ ප්‍රතිඵල ලබන සතිය මුල නිකුත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ..
මෙම සතිය අවසානයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇතැයි ද විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගිය වසරට නියමිතව තිබූ මෙම විභාගය මෙම වසරේ ජනවාරි මස 23 වැනිදා සිට පෙබරවාරි මස 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත් වේ.
ඒ සඳහා පාසල් අයැදුම්කරුවෝ දෙලක්ෂ හැත්තෑ අට දහස් එකසිය අනූ හය දෙනෙක් ද පෞද්ගලික අයැදුම්කරුවෝ පනස් තුන් දහස් පන්සිය දහතුන් දෙනෙක් ද පෙනී සිටියහ.