පුවත්

උසස් පෙළ ප්‍රතිඵල මේ මාසය අවසානයේදී

Published

on

පසුගිය වසරේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මස අග වන විට නිකුත් කිරීමට බොහෝ දුරට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා පැවසීය.

අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වූයේ පසුගිය වසරේ නොවැම්බර් 25වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වාය.

එහිදී විභාග අපේක්ෂකයන් 3,33,185 දෙනකු උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අතර, පාසල් අයදුම්කරුවෝ 2,53 390ක් හා පෞද්ගලික අයැදුම්කරුවෝ 79,795ක් ඊට ඇතුළත් වූහ.

රට පුරා විභාග මධ්‍යස්ථාන 2,312කදී හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319කදී විභාගය පැවැත්වුණු අතර, 25,000කට අධික කාර්ය මණ්ඩලයක් ඊට සහභාගි විය.

Trending

Exit mobile version