පුවත්

උසස් පෙළ  සියලු උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් අවසන්

Published

on

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළි නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ඒ විභාග මධ්‍යස්ථාන 2,312 ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 කදීයී.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුනකි.

ඒ අතරට පාසල් අයදුම්කරුවන්, දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් ඇතුළත් වේ.

Trending

Exit mobile version