විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට හෙට (25) පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඔවුන්ව මෙසේ කැඳවා ඇත්තේ මේ දින වල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය අතරතුරදී විදුලි කප්පාදුවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් මානව හිමිකම් කොමිසම විසින් අමාත්‍යංශ ලේකම්වරයාට හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සිදුකළ නියෝගය කඩ කර ඇති බවට නීරික්ෂණය වීමෙන් අනතුරුවයි.