අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටියි.
දිවයින පුරා මධ්‍යස්ථාන 39කදී ඇගයීම් මණ්ඩල 519කගේ සහභාගීත්වයෙන් ඇගයීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඇගයීම් කටයුතු අවසන් වීමත් සමඟ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.