2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10ට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඉකුත් ජනවාරි 23දා – පෙබරවාරි 17දා තෙක් පැවැත්විණි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2200ක පාසල් අයැදුම්කරුවන් 278,196ක් ද පෞද්ගලික අයැදුම්කරුවන් 53,513ක් ද මෙවර විභාගය සඳහා පෙනී සිට ඇත.