පුවත්

ඌරුවත්තේ රේල් පාරේ මිනිය අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ ගොදුරක්?

Published

on

අභිරහස් අයුරින් මිය ගිය තරුණයකුගේ සිරුරක් අද(18) උදේ අම්බලන්ගොඩ ඌරවත්ත දුම්රිය මාර්ගයේ තිබී සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

වයස අවුරුදු 30ක පමණ වන නාදුනන තරුණයකුගේ මළ සිරුරක් මෙසේ සොයා ගනු ලැබූ බව පොලීසිය කියයි.

මිය ගිය තරුණයාගේ හිසට බරපතල තුවාල සිදුව තිබෙන අතර කකුලක කොටසක් දක්නට නොලැබෙන බවත් මෙය දුම්රියේ ගැටි මිය යාමක් නොවන බවත් ඒ අවස්ථාවේදී ධාවනයවූ දුම්රිය රියදුරන් පවසා ඇත.

මේ තරුණයා ඝාතනය කොට දුම්රියට හසුවී මිය ගියේ යයි පෙන්වීම සදහා මෙම ස්ථානයට ගෙන දමන්නට ඇති බවට පොලීසිය සැක පලකරයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙසේ හමුවූ තරුණයා මෙම ප්‍රදේශයේ පුද්ගලයකු නොවන බවත් මෙය අම්බලන්ගොඩ ඝාතන රැල්ලේ තවත් එක් ඝාතනයක් විය හැකි බවය.

Trending

Exit mobile version