පසුගිය වසරේ මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, එම නැව් සමාගම හිමි මෙරට දේශීය නියෝජිතවරයා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ අද අධිචෝදනා භාර දුන්නේ ය.
සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් අධිචෝදනා 8 ක් යටතේ විත්තිකරුවන් පස් දෙනා ඇතුළු විත්තිකරුවන් 8 කුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණ.
අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් 5 දෙනාට අමතරව අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් තිදෙනාට ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි යැවීමට ද මහාධිකරණය විනිසුරුවරයා නියෝග කළේ ය.
අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස් දෙනාට විදේශගත විම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට ද නියෝග කෙරිණ.
(නිවුස්ෆස්ට්)