පුවත්

එක ජංගම යෙදුමකට වෘත්තීය පුහුණු ආයතන සියල්ලම එක්කරයි

Published

on

අධ්‍යාපන අමාත්‍යාංශය හා තෘතික වෘත්තීය පුහුණු කොමිෂන් සභාව යටතේ පවතින මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන ඒකාබද්ධ කර වෙබ් අඩවියක් හා ජංගම දුරකථන යෙදවුමක් සැකසීම සඳහා කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) පියවර ගෙන ඇත.

මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 06ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

එමඟින් මෙරට තරුණ තරුණියන්ට තමන් හට සුදුසු වෘත්තිය පුහුණු පාඨමාලා, ඒවා පවත්වන ආයතන, විෂය නිර්දේශ හා උපදේශකවරුන් ආදී සියලු තොරතුරුවලට එකම වෙබ් අඩවියක් හරහා ප්‍රවේශ වීමේ හැකියාව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය තෘතික හා වෘත්තිය පුහුණු කොමිෂන් සභාව මඟින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අදියර කිහිපයක් යටතේ 2026 වසර දක්වා ඊට මුදල් ප්‍රදානයන් සිදු කිරීමට නියමිතය.

Trending

Exit mobile version