පුවත්

එක බල්ලෙක් නිසා කතා නායක බල්ලො ඔක්කොම පාර්ලිමේන්තුවෙන් පන්නන්න කියයි!

Published

on

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යෑම නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේදී කථානායක ජගත් මහතා “මෙහෙ බල්ලොත් හදනවාදැ”යි විමසා ඇති බව ලංකාදීප වාර්තා කර තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් දහයකට ආසන්න පිරිසක් සිටින බව වාර්තා වේ.

Trending

Exit mobile version