පළමු වසරට ළමුන් ඇතුලත් කර ගැනීමේදී කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙක් රුපියල් ලක්ෂ පන්සියයකට අධික මුදල් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි “සතිය” පුවත්පත වාර්තා කර තිබේ.
මෙම විදුහල්පතිවරයාට මීට පෙර සේවය කළ පාසැලේදීද දරුවන් ඇතුළත් කරගැනීමේදී මූල්‍ය අක‍්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශණයක් පවත්වා රාජ්‍ය සේවා කොමිශන් සභාව විසින් ඔහු යළිත් විදුහල්පති ධූරයට පත් නොකරන ලෙස නිර්දේශයක් ද දී තිබූ බව පැවසේ.
ඔහුව ඞී.ඇස්. සේනානායක විද්‍යාලයේ රාජකාරිය ආවරණය සඳහා අධ්‍ය්‍යාපන අමාත්‍යංශය විසින් පත්කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිසන් සභාව අදාළ නිර්දේශය ද නොසලකා බව එම පුවත්පත වාර්තා කර ඇත.
මෙම පාසලට පත්වීමට පෙර ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්වීමට ඔහු උත්සහ ගෙන ඇති අත එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ දැඩි විරෝධය හේතුවෙන් එය ව්‍යවර්ථ වී තිබේ.