උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ සර්වජන බලය සමග අද (27) එක්වූ බව “අද දෙරණ” වාර්තා කර තිබේ.
ප්‍රදේශ රැසක ප්‍රාදේශීය දේශපාලන නායකයින් කිහිපදෙනෙකු ද සර්ව ජනබලය සමඟ එක්වූ බව වැඩි දුරටත් වාර්තා වේ.
ඉකුත් මහ මැතිවරණයේදී මුළු රටටම තරග කළ සර්වජන බලය ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී ධූරයක් හිමිකර ගත්තේය.