ලොව ජනප්‍රිය පානයක් වන තේ මගින් එකමුතුබව, විවිධත්වය හා සමාජ අන්තර්කරණය සංකේතවත් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර ඇති චීන හා ශ්‍රී ලංකා නියෝජිතයන් කියා සිටියි.
ජාත්‍යන්තර තේ දිනය සැමරීමට නිව්යෝක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පසුගියදා පැවැත්වුණු උත්සවයකදී ඔවුහු මේ පැවසූහ.
‘ටී ෆෝ හාමනි’ යන තේමාව යටතේ මෙය සංවිධාන කර තිබුණේ එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කාර්යාලයත් එරට සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය විසිනි.
විවිධත්වය තුළ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට තේ සැබවින්ම වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇතැයි චීන කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා වන ඩායි බිං මහතා මෙහිදී පැවසීය.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතා පැවසුවේ එක්ව තේ කෝප්පයක් රසවිඳීම, මිනිසුන් හට සාමූහික වීමට අවස්ථාවක් ලබාදෙන බවයි.
මධ්‍යම චීනයේ හර්නැන් පළාතේ ෂින්යැංග් ප්‍රදේශයේ තේ නිපැයුම්ද මෙහිදී අමුත්තන්ට පිළිගැන්වුනා.