Connect with us

පුවත්

ඔන්ලයින් පනත ගැන සමන්තා පවර් ත් කතා කරයි

Published

on

පසුගියදා මෙරට සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන බලපෑම පිළිබඳව මතුවී ඇති ගැටලු හා අදහස් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා ලෙස USAID ආයතනයේ පරිපාලකවරිය වන සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

ඇය මෙලෙස පවසා ඇත්තේ දෙදෙනා අතර, ඊයේ (13) පැවති කතාබහකදීය.

මේ සම්බන්ධයෙන් USAID විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන්ද ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක හා උපදේශන ව්‍යවස්ථාදායක ක්‍රියාවලියක වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි.

දුෂ්කර ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ සමඟ කටයුතු කිරීමට USAID දරණ කැපවීමද පවර් මහත්මියද මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇමෙරිකාව ලබාදෙන ප්‍රබල සහයෝගය පෙන්වා දෙමින්, පවර් මහත්මිය වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත්තේ ඉහත පනතෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති වන බලපෑම පිළිබඳව මතුවී ඇති ගැටලු හා අදහස් සම්බන්ධයෙන් සොයා බලා නිසි පියවර ගන්නා ලෙසයි.

පුවත්

තවත් පිරිසක් සජබය සමඟ එක්වේ

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. 

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

Continue Reading

පුවත්

ලෝක ප්‍රසිද්ධ සුරතලා මිය යයි

Published

on

By

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන කබොසු සුනඛයා මිය ගොස් තිබේ.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබොසු ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇත.

එම සුරතලාගේ හිමිකරු වන්නේ ජපානයේ ගුරුවරයෙකි.

Continue Reading

පුවත්

අපිරිසිදු දන්සල් 20කට නීතිමය ක්‍රියාමාර්ග

Published

on

By

දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳුන් හේමන්ත රත්නායක මහතා විසින් පවසන ලදී.

කොළඹ නගර සීමාවේ දන්සැල් 4000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර , එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි සඳහන් වේ.

මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved