පුවත්

ඔන්ලයින් භාණ්ඩ නියාමන ගැසට්ටුව රිවස් වෙයි?

Published

on

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම නියාමනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මෑතකදී නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට සූදානම්වන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ ගැසට් නිවේදනය මගින් මහ බැංකුවට අයත් විශය පථයක්ද ආක්‍රමණය කර ඇති බවට එල්ලව ඇති චෝදනාවක් මත මෙය අවලංගු කිරීමට සැරසෙන බව පැවසේ.

අදාළ ගැසට් නිවේදනය පිළිබදව පාරිහෝගික අධිකාරියේ ඉහල නිලධාරීන්ද දැනුවව නැතැයි වාර්තා වේ.

ඒ් අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරියේ සකස්කරණ ලද්දක් නොවන බැවින් බව පැවසේ.

කෙසේවුවද, මේ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් නිකුත් කර තිබිණි.

අදාළ ගැසට්ටුවේ විනිවිද භාවය සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සැරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා  ද පාරිභෝගික අධිකාරියෙන් මීට පෙර ප්‍රශ්නකර තිබිණි.

අදාළ ගැසට්ටුව පහත දැක්වේ.

Trending

Exit mobile version