පුවත්

ඕස්ට්‍රේලියාවට ඉගෙන ගන්න යන සිසුන්ට බාධා

Published

on

ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගැනීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු “ඉතුරුම් මුදල” නැවතත් වැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස වංචනික ශිෂ්‍ය බඳවා ගැනීමේ පිළිවෙත් පිළිබඳ විද්‍යාල කිහිපයකට අනතුරු අඟවා ඇති පසුබිමක මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබේ.

එසේම ඉතුරුම් ගිණුම් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවට හෙළිදරව් වුවහොත් දැඩි පියවර ගන්නා බවද ඔවුන් පවසයි.  

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවය.

ලබන සිකුරාදා (10)  සිට, ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 29,710 (අමෙරිකානු ඩොලර් 19,576) ඉතුරුම් පිළිබඳ සාක්ෂි පෙන්විය යුතුය.

මෙය මාස හතක කාලයක තුළ දෙවන වැඩිවීමයි. පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදලඕස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමීම සිදුවිය.

2022 දී Covid-19 සීමාවන් ඉවත් කිරීම සමඟ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉහළ ගිය අතර , ඒත් සම්ඟින් එහි  නිවාස වෙළෙඳපොල මත දැඩි පීඩනයක්.එල්ල වී තිබේ.

මේ හේතුවෙන්  මෑත කාලීනව ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට ක්‍රියාමාර්ග රාශියක් අලුතින් හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු රජය විසින් කටයුතු කරන ලදී.

ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ ආදායම් මාර්ගයක් වන අතර, 2022/23 වසරේදී ඒ ඔස්සේ ඔවුන් ලැබූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 36.4කි.

Trending

Exit mobile version