Connect with us

පුවත්

කටුනායක කලබලයක්: සංචාරකයින් කුපිත වෙයි(වීඩියෝ)

Published

on

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (01) දිනයේ එම පරිශ්‍රය තුළ දැඩි උණුසුම්කාකාරී වාතාවරණයක් ඇති වී තිබේ.

එම පරිශ්‍රය තුළ දිගු පෝලිම් නිර්මාණය වී තිබු අතර ඒ හේතුවෙන් අපහසුතාවට පත්වූ විදේශීය සංචාරකයන් ඊට දැඩි විරෝධයක් පළකර කිරීමත් සමඟින්  උණුසුම්කාකාරී වාතාවරණයක්  ඇති වී ඇත.

මෙතෙක් මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඊයේ (01) පස්වරු 5.00 සිට ඉන්දීය පෞද්ගලික සමාගමක් වන  VFS Global වෙත පැවරීම සිදුවිය.

ඉන්දීය සමාගමේ නිළධාරීන්ට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර උණුසුම්කාරී වාතාවරණයක් ඇතිවීමට එය බලපා ඇත.

මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා අයදුම් කිරීම සහ ඒවා ලබා දීම විනාඩියක් වැනි කෙටි කාළයක් තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරන ලදී.

ඒ සදහා ඉන්දියාව, චීනය වැනි වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණෙන රටවලින් ගාස්තු අය නොකළ අතර සාර්ක් රටවල සංචාරකයන් සදහා දින 30ක කාලයක් සදහා ඇමෙරිකානු ඩොලර් 20ක් ද, අනෙකුත් රටවල සංචාරකයන් සදහා ඇමෙරිකානු ඩොලර් 50ක ගාස්තුවක් ද අය කළ බව සඳහන් ය.

එහිදී වයස අවුරුදු 12ට අඩු සහ සංක්‍රමණික ගුවන් මගීන් සදහා නොමිලේ වීසා නිකුත් කිරීම ද සිදු විය.

කෙසේ වෙතත් ඊයේ (01) සවස 05.00 ට මෙම වීසා නිකුත් කිරීම භාර ගත් ඉන්දීය පෞද්ගලික සමාගම මගින් සාර්ක් රටවල සංචාරකයන්ගෙන් සිය වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 22ක් ද අනෙකුත් රටවල සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් 25ක මුදලක් ද අය කිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී මෙම වීසා ගාස්තු තුළ සේවා ගාස්තු (Service Charge) සහ පහසුකම් සැළසීමේ ගාස්තු (Convenience Charge) ගාස්තු අය කිරීමක් ද සිදු කර තිබු අතර ඒ අනුව සමස්ථ වීසා සදහා මුළු ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 100.77ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයෙක් සිසින් සඳහන් කර සිටියේ, එම මුදලින් ඇමෙරිකානු ඩොලර් 25ක් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත යොමු වන බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඒ අනුව  ශ්‍රී ලංකාවට වසරක කාලයක් තුළ සංචාරකයන් මිලියන 03ක් පැමිණිය හොත් මෙම ඉන්දීය පෞද්ගලික සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 66ක් හෙවත් රුපියල් මිලියන 20,000ක ආදායමක් හිමි වන බවයි.

ඊයේ පස්වරු 05.00 ට පමණක් ඉන්දීය සහ ශ්‍රී ලංකා නිලධාරීන් 10 දෙනෙකු පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ වීසා නිකුත් කිරීම ආරම්භ කළ ද එදින රාත්‍රී 08.30 පමණ වන තෙක් දිගු පෝලිම් දක්නට ලැබුණි.

යළි රාත්‍රී 09.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී කළහකාරී ලෙස විදේශ සංචාරකයන් හැසිරීමට පටන් ගෙන තිබේ.

ඒ හේතුවෙන් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, බුද්ධි අංශයේ නිලධාරීන් ද පැමිණීම සිදුවිය.

පසුව මෙම ඉන්දීය පෞද්ගලික සමාගමේ නිලධාරීන් වීසා නිකුත් කිරීම රාත්‍රී 11.30ට පමණ තාවකාලිකව අත්හිටුවා , තමන් වෙත එකතු වී තිබූ මුදල් ද රැගෙන ගුවන් තොටුපොළෙන් පිටතට ගොස් ඇත.

මේ අතර ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා,  කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හට එම අවස්ථාවේ සිට පැරණි ගාස්තු ක්‍රමය යටතේ අය කිරීම් සිදු කරමින් වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට උපදෙස් සහ නියෝග ලබා දී තිබූ බැවින් මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරගෙන යන බව වාර්තා වේ.

පුවත්

සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

Published

on

By

හැටන් – සිංගිමලේ ජාලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව නතර කර තිබේ.

ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමගය.

එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු පිරිසක් අද එම ජලාශ පරීක්ෂාවක යෙදී ඇති බව සඳහන්ය.

අනතුරුව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.

එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය 09 වනදා සිංගිමලේ ජලාශයට වැටීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

Continue Reading

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved