පුවත් කටුනායක e-gate හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවධානය (ඡායා) Published 2 years ago on August 17, 2023 By editor කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නව e-gate කවුන්ටර පිහිටුවීම හා CCTV කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතා අවධානය යොමු කර තිබේ. ඒ, බණ්ඩාරනායක ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට අද (17) සහාභාගී වන අතරතුරදීය. CCTV කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරදෙන ලදී. එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයෙහි සහ පිටවීමේ පර්යන්තයෙහි පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුලු නිරික්ෂණය කළ ටිරාන් අලස් මහතා, ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපල තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවාවන් ලබාදිය හැකි භූමි සැලසුම පිළිබඳව සාකච්ඡා කළේය. මෙම නිරීක්ෂණ චාරිකාවට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා,මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මහතා,ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සහා ගුවන්තොටුපළ නිලධාරීන් සහාභාගී විය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්2 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්1 week ago කෝටි 433ක බදු පොලු තැබූ සමාගම් 5ක අධ්‍යක්ෂකවරුන්ගේ දේපළ ආණ්ඩුවට