පුවත්

කඨිනය වඩම්මද්දී ප්‍රධාන දායකයා මිය ගිහින්

Published

on

කඨින පිංකමේ ප්‍රධාන දායකත්වය දැරු 72 හැවිරිදි තිදරු පියකු කඨින චීවරය රැගත් පෙරහැර නිවසින් පිටවනවාත් සමඟ හදිසියේ රෝගිව මිය ගිය පුවතක් මෝල්කාව, කොස්ගුලන ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෝල්කාව, කොස්ගුලන පදිංචිව සිටි කුරුඳුකාරගේ සෝමසිරි නැමති ව්‍යාපාරික තිදරු පියකු මෙසේ මරණයට පත්ව ඇත. 

පසු ගිය ⁣පෝ දිනට පෙර දින (25) රාත්‍රියේ තම නිවසේ තෙදිනක් තිබූ කඨින චීවරය පෙරහරකින් පිටත් කරවා ගමේ සියලු සැදැහැවතුන්ට ආහාර පානයෙන් සංග්‍රහ ‍කළ ප්‍රධාන දායක මහතා මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇතැයි කොස්ගුලන ශ්‍රි ගංගාරාමාධිපති වලකඩ මහින්දවංශ හිමියෝ පැවසූහ. 

පෝය දිනට පෙර දින විහාරස්ථානයට පැමිණ බණ දහම් අසා තම නිවසේ තැන්පත් කර තිබූ කඨින චීවරය පෙරහැරකින් පිටත් කර යවා සුළු මොහොතකින් හදිසියේ රෝගිව බදුරලිය රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මොහු මිය ගොස් ඇත. 

සිද්ධිය පිළිබඳ බදුරලිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

Trending

Exit mobile version