පුවත්

කණ්ඩලම ජලාශය වාන් දමයි

Published

on

කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය පවසයි.

ඒ අනුව, ජනවාරි 01 වැනිදා විශාල ජල කඳක් කණ්ඩලම ජලාශයෙ වාන් දැමීම සිදුකළ බවත් අද (02) උදෑසන වන විට යම් මට්ටමකින් වර්ෂාව අඩුවීමත් සමඟ තත්පරයට ගන අඩි 780ක පමණ ජලයක් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටී කලා වැවට ගලා බසින බව බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරුව බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කලේය.

ඔහු අඩිදුරටත් සදහන් කළේ, කණ්ඩලම ජලාශය වාන් දැමීම දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය හරහා සිදුවන නිසාවෙන් කුඩා වාහන ගමන් කිරීමෙන් වළකින ලෙසත් විශාල බස් රථ සහ අනෙකුත් වාහනද වාන මතින් ගමන් කිරීමේ දී දැඩි පරිස්සම් විය යුතු බවය.

Trending

Exit mobile version