ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම නගරයේ පාසැල් 03ක් ජුනි 19දා සිට වසා දැමීමට තීරණය කර තිබේ.
මෙම පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා දන්වා සිටියි.
පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලිසිය වෙත භාරදීමට නියමිතය.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භ වී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසුදින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇත.