කථානායක අසෝක රන්වල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන්නේ නම් ඊට අත්වන ඉරණම කෙරෙහි දෙවරක් සිතිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“අපිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට එහා බලයක් තියෙනවා. ඒ නිසා ගේන විශ්වාසභංග ගේන කට්ටිය කල්පනා කරන්න ඕනේ… මොකටද ගේන්නේ කියලා. ඒ නිසා කථානායකවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වුවත් ගැටලුවක් නැහැ. කථානායකගේ ප්‍රකාශයත් එක්ක බලමු. මේ වෙලාවේ අපි උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. අපි ඒක වෙනම කතා කරමු.”