සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ” කරන්දෙණිය සුද්දාගේ ” ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී ය.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ ප්‍රධාන වෙඩික්කරු ද මොහු බව පැවසේ.
සැකකරු අද (15) ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය වෙත පැන යාමට උත්සාහ කරමින් සිටියදී මෙලෙස කොටුව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් මගින් සැකකරු හඳුනාගෙන ඇති බවද පැවසේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අම්බලන්ගොඩ කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි විජේමුණි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමැත්තෙකි.