පුවත්

කරාපිටියේ බෙහෙත් හිඟයක් : බෙහෙත් දාන කවරත් නැතිලු

Published

on

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීහු දෙපිරිසම අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක හිඟයක් පවතින රෝහල් ආරංචි මාර්ග පවසයි.

බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා දිනකට දහසකට අධික රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන අතර ඔවුනට ආරක්ෂිතව ඖෂධ ලබා දීමට කවර පවා නොමැති බව එම අරංචි මාර්ග පෙන්වාදෙයි.

විශේෂයෙන්ම බෙහෙත් දැමීම සඳහා කවර නැති බවට දැන්වීමක් ද රෝහලේ අලවා ඇත.

එක් දහස් පන්සියයකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ ඊ.සී.ජී. පරික්ෂණ දත්ත ලබා ගැනීම සඳහා අවශ්‍ය කඩදාසි පටිවල පවා හිඟයක් පවතින බවද වාර්තා වේ.

Trending

Exit mobile version