Connect with us

පුවත්

කළුතර දැරිය දූෂණ කර නැහැ: “මාව රැවැට්ටුවා කියා ජනේලයෙන් පැන්නා”

Published

on

දැරියට ආ දුරකථන ඇමතුමක් සමග ‘මම ආවේ ඔයාලව විශ්වාස කරලයි. මාව රැවට්ටුවා. මම දැන් මොනවද කරන්නේ’ යැයි කියමින් දැරිය කාමරයේ ජනේලය අසලට ගොස් පුටුවක් තබා ජනේලයට   ජනේලයෙන් ඒළියට පැන්නා. ඒ සිදුවීමට බය වෙලා මමත් හෝටලයෙන් පැනලා ගියා’’ යැයි  යැයි කළුතර ප්‍රදේශයේ පස් මහල් හෝටලයක තුන්වැනි මහලේ කාමරයකින් වැටී අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු කළුතර දකුණ පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබේ.

මෙම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 07 වැනිදා කළුතර රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැති අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විවෘත තීන්දුවක් ලබාදෙමින් ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නිර්දේශ කර තිබේ.

එසේම මේ සිසුවියගේ මරණය සිදූවූ මොහොතේ ඇය දූෂණයට ලක්ව නොමැති බවද අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.

කෙසේවුවද, සිසුවියගේ ශරීරයේ දත් පහරවල් හා සීරීම් තුවාල ද දක්නට ඇති බවද සදහන්කර ඇත.

පබසරා නමැති ඇගේ යෙහෙළිය සහ ඇයගේ පෙම්වතා වන ඉහාන් විසින් මෙම සිසුවිය ගෙන්වාගෙන ඇත්තේ ඇය මුදලට අලෙවි කිරීමට බව මූලික විමර්ශන මගින් තහවුරු කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇය නන්නාඳුනන පුද්ගලයකු හා කාමරයේ නවතා ඇය තවත් පුද්ගලයකුට විනෝදය සඳහා රඳවා යෑමට පෙළඹවීම පබසරා නමැත්තිය විසින් සිදුකර ඇති බවත් සම්බන්ධීකරණය ඇයගේ පෙම්වතා විසින් සිදුකර ඇති බවටත් මේවන විට තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.

සැකකරු වැඩිදුරටත් මෙසේද පාපොච්චාරණය කර ඇත.

‘‘මම ඉහාන්ව කලක සිට හඳුනනවා. ඔහු මගෙන් මුදල් ගණුදෙනු කරගෙන තිබෙනවා. ඉහාන්ගේ මාමාගේ මෝටර් රථ ගනුදෙනුවකින් තමයි මම එයා හඳුන ගත්තේ. අපි නිතර නිතර හමුවෙනවා. ඉහාන් 06 වැනිදා මගේ මෝටර් රථයෙන් කළුතර නගරයට ආවා. දහවල් රෙස්ටුරන්ට් එකකින් කෑම කෑවා. සවස ඉහාන් එයාගෙ පෙම්වතිය හා දැරිය සමග ආවා. මීට කලින් මම විහාරව දැක තිබුණේ නැහැ. එදා තමයි මුලින්ම දැක්කේ. ඉහාන් කලින්ම හෝටලයේ කාමර බුක් කරගෙන තිබුණා. අපි හතර දෙනා මගේ මෝටර් රථයෙන්ම හෝටලයට ගියා. අපි එහිදී මත්පැන් පානය කළා. පස්සේ ඒ දෙන්නා අනිත් කාමරයට ගියා. විහාරයි, මමයි එක කාමරයේ හිටියා. මම එයාව බාහිරව ආශ්‍රය කළා. නමුත් දූෂණය කළේ නැහැ. එයා ඇඳුම් ගලවලයි හිටියේ. ඒ වෙලාවෙදී එයා බීලා හිටියෙත් පාලයෙන් තොරව. මේ වෙලාවෙදී එයාට දුරකතන ඇමතුම් දෙකක් ආවා.”

මේ අතර, දැරියගේ අවසන් කටයුතු කළුතර, ඇටවිල පොදු සුසාන භූමියේදී ඊයේ (09)  සිදුවිය.

සබැදි පුවත්

කළුතර දැරිය මැරූ සීසර් ට විවාහ දෙකක්!

කළුතර සිසුවියගේ සිරුරේ දත් පහරවල්; සැකකරු තවම නිදැල්​ලේ

කළුතර පාසල් සිසුවිය මැරුවේ සීසර් කෙනෙක්!

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved