Connect with us

පුවත්

ඉන්දියාව ලංකාවට ණය ගෙවන්න තවත් වසරක කාලයක් දෙයි!

Published

on

ඉන්දියාව ලංකාවට ණය ගෙවන්න තවත් වසරක කාලයක් දෙයි!

ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනයේ කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව එකඟවී ඇතැයි මෙරට නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් පීඩාවිඳි සමයේදී ලබාදුන් ඩොලර් බිලියන 4ක ණය සහනයෙන් කොටසක් වූ එම මුදල පසුගිය මාර්තු මාසය වනවිට ගෙවීමට නියමිතව තිබිණි.

අනතුරුව පැවැති සාකච්ඡාවලින් පසු එම ණය සහනය 2024 මාර්තු දක්වා දීර්ඝ කරගැනීමට හැකිවූ බව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පවසා තිබේ.

“ඩොලර් බිලියනයක් වූ ණය සහනයෙන් තවත් ඩොලර් මිලියන 350ක් ඉතිරිව තිබෙනවා. අපට ඒ මුදල් අවශ්‍ය විදියට පාවිච්චි කරන්න හැකියාව තිබෙනවා.”

ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් බිලියනයක් වූ එම ණය සහනය ප්‍රධාන වශයෙන් භාවිත කරන ලද්දේ ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහාය.

පුවත්

ඩොනල්ඩ් ලූ – ජනපති හමු වෙයි

Published

on

By

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගයීමට ලක් විය.  

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලි චංග්, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

විජයදාසට බාධා නොකරන්නැයි නියෝග

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගැනීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලාය

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති විජයදාස රාජපක්ෂ වැඩ බලන ලේකම් කීර්ති උඩවත්ත සහ දේශපාලන මණ්ඩලයට අදාල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ලෙසත් මෙම නඩු කටයුත්ත හැර වෙනත් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් මෙම වාරණ නියෝගය ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 දින පැවැත් වේ.

(ලංකාදීප )

Continue Reading

පුවත්

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයා රෝහලේ

Published

on

By

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.

පැරෂුටය විවෘත වීම ප්‍රමාද වූ බැවින් ඔහු වහලයක් මතට ඇද වැටී ඇති බව වාර්තා වේ.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved