පුවත්

ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නත් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා!

Published

on

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ.

ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද පැවසේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නයි.

මේ සම්බන්ධයෙන් අප අද (09) පෙරවරුවේ ඔහුගෙන් වට්ස්ඇප් ඔස්සේ විමසීමක් කළ අතර ඒ සඳහා මෙතෙක් පිළිතුරු නොලැබිණි.

Trending

Exit mobile version