Connect with us

පුවත්

කාදිනල් හිමිට ලැබුන මුදල් ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස මෛත්‍රී කියයි

Published

on

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් උන්වහන්සේ පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත වූ සෑම පුද්ගලයෙකුටම තමා විසින් වන්දි ලබාදීමට පියවර ගත් බවය.

“මම ගිනස් පොතට ගිහින් තියෙන්නේ නඩු 400 ගණනක් තිබෙන නිසා. කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ණඩු 400 ගාණක් දැම්මා. මැරිච්ච අයට එක නඩුවයි අතපය කැඩිච්ච අයට එක නඩුවයි… වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා කාළේ ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම මම වන්දි ගෙව්වා.”

කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්වලින්, විවිධ සංවිධානවලින්, ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආදී නොයෙකුත් අය කාදිනල් හිමිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සල්ලි දුන්නා. ඒ අය දුන්න සල්ලිවලට මොකද වුණේ කියලා කරුණාකරලා කාදිනල් හිමි ඉදිරිපත් කරනවා නම් හොඳයි… නාමලේඛනයක්. මෙන්න මට ලැබුණු සල්ල… මෙන්ම මම දුන්නා කියලා. ඒ සත පහක් වින්දිතයින්ට දුන්නේ නෑ. මම ආණ්ඩුවෙන් සල්ලි ගෙවලත් ජනාධිපති කාළේ මට නඩු දාලා තියෙනවා මට වන්දි ගෙන්නයි කියලා.”

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved