Connect with us

පුවත්

කාන්තාවන්ට විදෙස් රැකියා සඳහා යාමට තහනමක්

Published

on

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වූ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක් වූ බවට තොරතුරු වාර්තා වූ බව එම කාර්යාංශය සඳහන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඕමාන් සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ රැකියා සඳහා යොමු වූ පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඔවුන් සංචාරක වීසා මත විදෙස්ගතව රැකියා නොමැතිව අතරමන්ව ඇති බවට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ වගකීම භාරගැනීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත්වී නොමැති බැවින් ඔවුන් විවිධ හැරිහැරයන්ට ලක්වන බව තානාපති කාර්යාල දැනුම්දී ඇත.

ඒ අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ද ගැටලුකාරි තත්ත්වයත් මතුව ඇති බැවින් සංචාරක වීසා මගින් නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම තහනම් කරන ලෙස ද කම්කරු අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.

මේ අතර, ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් හා ආයතන 570ක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත මේ වන විට පැමිණිලි ලැබී තිබේ.

එවැනි පැමිණිලි 182ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මීට අමතරව එසේ වංචනික ලෙස අයකරගනු ලැබූ රු.28,383,000.00 ක මුදලක් පැමිණිලිකරුවන් වෙත ලබාදීමට කාර්යාංශය පියවර ගෙන ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

විදේශ රැකියා වංචනික සිදුවීම් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත කරන ලද පැමිණිලිවලට අදාළව වැටලීම් 17ක් සිදුකර ඇති අතර, සැකකරුවන් 43දෙනෙකු අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ද කාර්යාංශය නිවේදනය කරයි.

එමෙන්ම මේ වසරේ ගත වූ කාලය තුළ නීතිවිරෝධි ලෙස රැකියා සඳහා විදෙස් ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් යළි හරවා එවීමට කටයුතු කර තිබේ.

සංචාරක වීසා උපයෝගි කර ගනිමින් මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ විදෙස් ගතවිමට උත්සහ කළ පිරිසක් මෙලෙස හරවා එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

(අද දෙරණ)

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved