මේ වසරේ අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
මේ සංගනනය පැවැත්වෙන්නේ වසර 13 කට පසුවය.
ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද වාර්තා වේ.
අගෝස්තු මස 19 වැනිදාට යෙදෙන පොහොය දිනයද ඇතුළත්ව දින 02 ක් තුළ මෙම සංගණනය පැවැත්වීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මෙම සංගණනය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සහායද ලබා ගැනීමට නියමිතය.
මෙරට කැලෑ තුළ අලි 5000 ත් 6000 ත් අතර සංඛ්‍යාවක් සිටින බව වනජීවී නිලධාරීහු කියා සිටිති.
සෑම වසර 10 කට වරක් අලි සංගණනයක් පැවැත්වෙන අතර, අවසන් වරට එවැනි සංගණනයක් කර ඇත්තේ 2011 වසරේදීය.
ඉන් අනතුරුව 2021 වසරේදීද අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළද, කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට කටයුතු කෙරිණි.