පුවත්

කැකිරාව ප්‍රා. ලේකම් කාර්යාලයේ වැසිකිළිය පුපුරලා!

Published

on

කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාමරය අසල වැසිකිලියක පිපිරීමක් සිදුව ඇතැයි  කැකිරාව පොලිසිය කියයි.

අදාළ පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයාද සිය නිල කාමරය තුළ සිට ඇති අතර එම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හො කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැතැයිද පොලිසිය පවසයි.

පිපිරීමෙන් වැසිකිළියේ කොටස් හා ජනෙල් ඇතුලු දේපල රැසකට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.

සතියේ ආරම්භක දිනය වන අද දිනයේ සේවා ලබා ගැනීම සදහා පැමිණී පිරිස් ද මෙම අවස්ථාවේ එම කාර්යාල පරිශ්‍රයේ සිට ඇති අතර කැකිරාව පොලිස් ස්ථානය මගින් පිපිරීම සම්බන්ධව වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබේ.

ඡායාරූප : ලංකාදීප

Trending

Exit mobile version