ඇමතිවරයාට කැමති කාල සීමාවක් දැනට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර ඇමතිවරයාට බලය දෙන අයුරින් පනත් සංශෝධනයට පොදුජන පෙරමුණේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව නීතිපතිවරයා ඊයේ (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් අධිකරණයට දැනුම්දී තිබුණේ, මෙම පනත් කෙටුම්පත් සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බවයි.
කැටගොඩ මන්ත්‍රීවරයාගේ යෝජනාව සඳහා ඉදිරිපත් කළ කෙටුම්පත්වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 27 ක් ඊයේ යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම් දීම සිදු කර තිබේ.
මේ අතර නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසිනි.
මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබිණ.
එහෙත් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම පෙත්සම් සලකා බැලීම මෙලෙස කල් තැබීමට අධිකරණය නියම කර තිබේ.
(මූලාශ්‍රය : නිවුස්ෆස්ට්)