පුවත්

කැනියුලාවකින් විෂබීජයක් ආසාදනයවී රෝගියෙක් මියයයි

Published

on

පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උණ රෝගියෙකු කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් මියයෑමේ පුවතක් ඊයේ (13) වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහයකවරයෙකි.

උණ රෝගයට ප්‍රතිකාර ගත් රෝගියෙකුට සවිකළ කැනියුලාවකින් සිදුවූ විෂබීජ ආසාදනයකින් ඔහු මියගොස් ඇති බවට වාර්තා වී තිබේ.

ඔහු සති දෙකකට පමණ පෙර උණ රෝගය වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර රුධිර පට්ටිකා අඩුවීම හේතුවෙන් ඔහුට සේලයින් ඇතුළු විවිධ ඖෂධයන් වෛද්‍ය නිර්දේශ මත කැනියුලාව හරහා ලබා දීමෙන් පසුව රෝගය සුවපත් වී ඔහු නිවස බලා ගොස් තිබේ.

මෙසේ සුවය ලබා නිවසට ගිය පුද්ගලයාගේ කැනියුලාව සවි කර තිබු අත ඉදිමිම නිසා නැවත අසනීප තත්ත්වය උත්සන්න වී පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , එහිදී කරන ලද පරීක්ෂණයන්ගෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ විෂබීජයක් ශරිර ගතවී එය හෘදයේ අසාත්මිකතාවක් ඇතිකිරීම දක්වා ගමන් කර ඇති බවකි.  

පසුව ඔහු හෘද රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරු කරයැවීමට වෛද්‍යවරුන් උත්සාහ කර තිබේ.

නමුත් එහිදී ඔහු මියගොස් ඇති අතර කැනියුලාවෙන් සිදුවූ විෂබීජ ආසාදනයක් මරණයට හේතු වන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරයි.

Trending

Exit mobile version