පුවත්

කැලණිය සිසුගැටුම ගැන පොලිසිය පරීක්ෂණ අරඹයි

Published

on

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ (03) රාත්‍රී සටහන් කර ගත් බවයි.

පසුගිය දෙවැනි දා අලුයම මෙම ගැටුම සිදුව තිබේ.

ඒ, නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් පිරිසක් කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගන්නැයි බලකරමිනි.

විශ්වවිද්‍යාලයේ සාමාජ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් විසින් දෙවැනි වසරේ සිසුන් පිරිසකට එහිදී පහරදී ඇති බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ රෝහලෙන් කළ දැනුම් දීමක් මතයි.

(නිවුස්ෆස්ට්)

Trending

Exit mobile version