පුවත් කැලණි වැලි තාමත් හරි නෑ; උදේ දුම්රිය ගම් 7ක් නෑ (ඡායා) Published 2 years ago on June 28, 2023 By editor කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින් පවතින බවය. මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මගීන්ගේ පහසුව සඳහා නාරාහේන්පිට දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කිරීමට පියවර ගෙන තිබේ. බොරැල්ල කෝටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට කොස්ගම බලා ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ඊයේ (27) පස්වරුවේ පීලිපැනීමකට ලක් ව තිබුණි. මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ