පුවත්

කැලණි සරසවි සිසුන් තවමත් විරෝධයේ(ඡායා)

Published

on

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 350ක පමණ පිරිසක් මේ වනවිට විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල වටකරමින් විරෝධයක නිරත වන බව වාර්තා වේ.

එම අවට ප්‍රදේශයට පොලිසිය හා හමුදාව යොදවා ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, තාක්ෂණික පීඨ පිවිසුම් මාර්ගයට පොලිසිය යොදවා එයට ඇතුළුවීම සම්පූර්ණයෙන් අවහිරකර ඇති බවද පැවසේ.

තාක්ෂණ පීඨයේ අද පැවැත්වෙන විභාග සඳහා සරසවි සිසුන් විද්‍යාලංකාර පිරිවෙන වෙත කැඳවාගෙන ගොස් ඇති බවද පැවසේ.

මේ අතර, ශිෂ්‍ය ක්‍රියාකාරියකු කියා සිටියේ මේ සියලු ප්‍රශ්න උද්ගතව ඇත්තේ ජනාධිපතිවරයා හෙට කැලණිය සරසවියට පැමිණීමට නියමිත බැවින් බවයි.

ශිෂ්‍ය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සිසුන් ඊයේ (29) රාත්‍රියේ ද විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයක නිරතවූ අතර, විරෝධතාවය විසුරුවාහැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.

Trending

Exit mobile version