ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා වන රාජ්‍ය යාන්ත්‍රණයේ සහ අනෙකුත් අදාල පාර්ශවයන්ගේ සහය ලබාගනිමින් කැලෑ ගිනි ඇති වීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මිනිසා විසින් වනාන්තර ආශ්‍රිතව සිදු කරන ගිනි තැබීම් හේතුවෙන් විශේෂයෙන්ම වියළි කාලගුණික තත්ත්වයන් පවතින විටදී කැලෑ ගිනි ඇති වීමේ අවදානම සීඝ්රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් පවතින අතර, මෙම තත්වය බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, මොණරාගල, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම හා රත්නපුර යන දිස්ත්‍රික්කවල බහුලව දක්නට ලැබේ.
මෙම වර්ෂය තුළ මේ දක්වා කැලෑ ගිනි ගැනීම් 150ක් පමණ වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් හෙක්ටයාර 2,600ක පමණ කැලෑ විනාශ වී ඇත.