කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා පෙර පැවැති දුම්රිය මාර්ගය, මහා මාර්ග ලෙස සකසා ඇති නිසා ඒවා විතැන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව කොමිසමක් පත්කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී එස්. ගුණසිංහ මහතා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීමට අනුව රජයේ භෞමික සැලැස්මේ දැක්වෙන ආකාරයට 2030දී කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවෙල්ල සිට හම්බන්තොට දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති බව දක්වා ඇත.
තවද අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ දුම්රිය පහක් නැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා යොමු කළ ලිපියේ දැක්වෙයි.
කැළණිවැලි දුම්රිය මාර්ගය දීර්ඝ කිරිම සම්බන්ධව සොය බැලීමට යෝජනා කරන කොමිෂම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියේජ්‍ය ප්‍රධාන ඉංජිනේරු පී.ජේ.ප්‍රේමතිලක මහතා පත්කිරීම වඩාත් සුදුසු බවද එම ලිපියේ දැක්වෙයි.