පුවත්

“කිං බානට්” ලියූ හරිත් හෙට අවසන් ගමන් යයි

Published

on

ප්‍රකට තීරු ලිපි රචකයකු හා පිටපත් රචකයකු වූ සැලසිනේ ආයතනයේ සභාපති හරිත් ගුණවර්ධන මහතා‍ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (30) ඇරැව්වල පොදු සුසාන භුමියේදී පස්වරු 05.00ට සිදු කිරීමට නියමිතය. 

ඒ මහතා ඊයේ (28) හදිස්සියේ අභාවප්‍රප්ත වූ අතර දේහය ⁣අද (29) පෙ.ව 9.00 සිට 181 බී 6/1, සුහද මාවත, ඇරැව්වල පාර, පන්නිපිටිය යන ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. 

1990 දී ‘දිවයින’ පුවත්පතට එක් වූ ඔහු සිය කුසලතාව දැක්වූයේ ‘කිංබානට්’ නමින් ලියූ තීරු ලිපියෙනි. 

එම තීරු ලිපිය මුලින් දිවයින ඉරිදා සංග්‍රහයේද පසුව ලක්බිම ඉරිදා සංග්‍රහයේද පළ විය. 

ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියට පත් ‘ඕල්වේස් බ්රේක් ඩවුන්’ ප්‍රහසන කතා මාලාවේ පිටපත් රචකයා ද වූයේ ඔහුය. 

පසුකලක දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයට පිවිසි ඔහු ලොතරැයි මණ්ඩලයේද කලක් රාජකාරි කළේය.

Trending

Exit mobile version