මෙරට කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි ක්‍රියාත්මක වන ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
එම මණ්ඩලයට අනුව මෙම යෝජනා ක්‍රමය යටතේ රු. 500,000 රු. 1,000,000 හා රු. 2,000,000 යන රක්ෂිත ආවරණ, මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවේ.
එමෙන්ම තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල් ගත වීමේදී මෙම රක්ෂණාවරණ ලබා දෙන බවද එම මණ්ඩලය පවසයි.
රක්ෂණ ආවරණය රුපියල් 2,000/-, 4,000/-, 8,000/- වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ මෙම රක්ෂණ හිමිකම සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලය සැලසුම් කර ඇත.