පූගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිය දරුවාට කිරි දෙමින් සිටි තරුණ මවකගෙන් දරුවා උදුරාගෙන දරුවා ප්‍රාණ ඇපයට ගනිමින් මවව සමූහ දූෂණයකට ලක් කළ පද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තම නිවසේ දී කුඩා දරුවාට කිරි දෙමින් සිටි මේ තරුණ මව සල්ලාල නරුමයන් විසින් සමූහ දූෂණය කර ඇත්තේ තමන්ගේ අවශ්‍යතාවයට ඉඩ නොලැබුනහොත් කිරි දරුවා පොළොවේ ගසා මරා දමන බවට තර්ජනය කරමින් බව පූගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
මෙම අපරාධය සිදුකිරීම සම්බන්ධව දැනට අවුරුදු 21 -23 වයස්වල පසුවන දෙදෙනෙක් පූගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධයට සම්බන්ධ අනෙක් පුද්ගලයා සොයා පූගොඩ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ වනවිට මව වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබේ.