පුවත්

කිසිම අපේක්ෂකයෙක් ගැන විශේෂ කැමැත්තක් නැහැ

Published

on

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති අපේක්ෂකයන් කිහිපදෙනකු මුණ ගැසුණද ඒ කිසිදු අයකුට සහාය දීමට හෝ ඔවුන් පිළිබඳ විශේෂ කැමැත්තක් ඔහු තුළ නොමැති බව  එතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පවසා ඇති බවට පුවතක් ‘දිවයින’ වාර්තා කරයි.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා තවදුරටත් සඳහන් කරන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් කාදිනල්තුමා මුණගැසීමට ඉල්ලීම් කළ අතර ඒ අනුව එම ඉල්ලීම් කරන ලද අපේක්ෂකයන් පමණක් තෝරාගැනීමකින් තොරව හමුවීමට තීරණය කළ බවය.

එලෙස අපේක්ෂකයන් හමුවූ පමණින් ඔවුන්ගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට සහාය දීමක් හෝ ඔවුන් පිළිබඳ කතෝලික සභාව හෝ කාදිනල්තුමා කිසිදු සන්සන්දනය කිරීමක් නොකරන බවද සිරිල් ප්‍රනාන්දු පියතුමා පවසා තිබේ.

එබැවින් කුමන අපේක්ෂකයාට ඡන්දය භාවිත කරන්නේ ද යන්න බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තීරණයක් හා වගකීමක් බව,  කාදිනල්තුමාගේ සහ කතෝලික සභාවේ අදහස බවද  ඔහු තවදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version