Connect with us

පුවත්

කුඩු ග්‍රෑම් දෙකට දුන් මරණ දඬුවම ග්‍රෑම් 10 දක්වා වෙනස් කරයි!

Published

on

විෂ වර්ග අබින් හා අන්තරායකර පනත යටතේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙකක් සඳහා ලබාදුන් මරණ දඬුවම ග්‍රෑම් දහයක් දක්වා වැඩිකිරීමට අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය මගින් යෝජනා කර තිබේ.

ඊට අදාළ පනත අද (10) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට පෙර හෙරොයින් ග්‍රෑම් දෙකක් සඳහා වූ මරණ දඬුවම, වසර විස්සක සිරදඬුවම හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියමකර තිබිණි.

එහෙත් නව පනත යටතේ එම දඬුවමට ග්‍රෑම් දහයක් දක්වා වැඩිකර තිබේ. 

ඒ අනුව ග්‍රෑම් දහයකට අඩු ප්‍රමාණයකට මහෙස්ත්‍රාත් අධිකරණයටත්, ග්‍රෑම් දහයකට වැඩි මහධිකරණයටත් ඉදිරිපත් කළ යුතු අතර ඊට අදාළ ඇප ඉල්ලීම අභියාචනාධිකරණයට යොමුකිරීම අදාළ යෝජනාවට පාර්ලිමේන්තු කාරකසභාවේදී එකඟ වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

පාර්ලිමේන්තුවේ පැවැති උපදේශක කාරක සභාව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත් විණි. 

එම කාරක සභාවට තලතා අතුකෝරාල සහ අනූප පැස්කුවල් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද එක්ව සිටියහ. 

මෙම විෂයය සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන අය වශයෙන් ඇමැති අලි සබ්රි හා රවුෆ් හකීම් මන්ත්‍රිවරුන්ද එක්ව සිටි බව පැවසේ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved