පුවත්

කුවේටයේ තානාපතිකමට රත්නායකගේ නම අනුමත වෙයි!

Published

on

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී.රත්නායක මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

පසුගිය 18 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් මේ අනුමැතිය ලබා දී ඇත.

මෙම කමිටු රැස්වීම සඳහා විදුර වික්‍රමනායක, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් එක්වූ බව පාර්ලිමේන්තු සංනිවේදන අංශය නිවේදනය කරයි.

Trending

Exit mobile version