පුවත්

කෘෂිකාර්මික කටයුතු වලට සමනල වැවෙන් ජලය නිකුත් කරන්න තීරණයක්

Published

on

කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනල වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය  උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කර ඇත.

ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටද කැබිනට් මණ්ඩලය විසින් වැඩිදුරටත් තීරණය කර ඇත.

Trending

Exit mobile version