මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ (25) අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය වන දිනේෂා විරත්තනී නමැත්තිය ලබන 02දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින දමින්ද ලක්මාල් නම් අම්පාර ඩී.සේ.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයා සහ සුමුදු චින්තන යන කාර්යාල කාර්ය සහායකායද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන්ද ලබන 02දා තෙක් රිමාන් භාරයට කරනු ලැබීය.
(මූලාශ්‍රය : ලංකාදීප)
සබැඳි පුවත් :
https://sinhala.srilankamirror.com/news/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b6%ba-%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%94%e0%b7%80-%e0%b6%ad%e0%b7%80/