පුවත්

පාසල් සිසුන් 5ක් කෙල්ලෙක්ට ගහ මරාගෙන

Published

on

ප්‍රේම සම්බ­න්ධ­යක් මුල්කර ගනි­මින් ඇති වූ ආර­වු­ලක් දුර­දිග ගොස් 17 හැවි­රිදි පාසල් සිසු­ව­කුට පහ­ර­දුන් බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පල්ලේ­කැලේ ප්‍රදේ­ශයේ පදිංචි පාසල් සිසුන් 05 දෙනෙකු මැණි­ක්හින්න පොලි­සිය මගින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පහර කෑමට ලක් වූ සිසුවා ප්‍රති­කාර සඳහා තෙල්දෙ­ණිය රෝහ­ලට ඇතු­ළත් කර ඇත. 

සිද්ධිය සම්බ­න්ධ­යෙන් පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත් සිසුන් පස් දෙනා අවු­රුදු 16-18 වයසේ පසු­වන බව පොලි­සිය පව­සයි.

පසු­ගිය 25 දින පස්වරු 7.30 ට පමණ දිගන රජ­වැල්ල ප්‍රදේ­ශයේ දී මෙම පහ­ර­දීම සිදු­කර තිබෙන අතර සිද්ධිය සම්බ­න්ධ­යෙන් මැණි­ක්හින්න පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එම්.ඩී. චන්ද්‍ර­පාල මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් පරී­ක්ෂණ පැවැ­ත්වෙයි.

Trending

Exit mobile version