මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
අධිකරණය විසින් රඹුක්වැල්ල මහතාට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ පෙ.ව. 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය.
ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිට ජනරාල් ලක්මීණි ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීම සලකා බලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය මෙලෙස නියෝග කළාය.
ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැනුම් දී තිබියදී ඔහු ඒ සදහා නොපැමිණිමට ඉදිරිපත් කළ එක් හේතුවක් ද අසත්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ සඳහන් කළාය. ඇය පෙන්වා දුන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රාජ්‍ය වියදම් කළමනාකරණ අමාත්‍ය අනුකමිටුවේ රැස්වීමට අමාත්‍යවරයා ඊයේ දිනයේ සහභාගී නොවූ බවට එහි ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවයි.