ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති නමුත් කලබල නොවන ලෙස ප්‍රාන්ත බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙලෙස කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් ඇත්තේ JN.1 නම් කොවිඩ් උප ප්‍රභේදය හඳුනාගැනීමෙන් අනතුරුවයි.
එම ප්‍රභේදය මීට කලින් චීනය, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් හමුවී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙතෙක් අනුමත කොවිඩ් එන්නත් මගින් මෙම JN.1 නම් කොවිඩ් උප ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව ලබාදෙන බවයි.
මේ වන විට කේරළ ප්‍රාන්තයෙන් කොවිඩ් රෝගීන් 1,324ක් වාර්තා වන අතර, පසුගිය සෙනසුරාදා දිනයේදී කොවිඩ් මරණ 04ක් එම ප්‍රාන්තයෙන් වාර්තා විය.